Header

Sri Lanka Army
Seva Vanitha Unit

12th June 2026 10:40:02 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශිහානි අබේවර්ධන මහත්මියගේ මඟපෙන්වීම යටතේ 2026 මැයි මස 19 දින ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන අතරතුරදී, මහත් වු මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටින සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් තිදෙනෙකුට සහ එක් සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට වියළි සලාක පාර්සල් හතරක් බෙදා දෙන ලදී. මීට අමතරව, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් තිදෙනෙකුගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කරන ලද අතර, එම සෑම දරුවෙකුගේම පෞද්ගලික බැංකු ගිණුම් වෙත රුපියල් 25,000.00 බැගින් වූ මුදල් පරිත්‍යාගයන් ද බැර කෙරිණි.

මෙම අවස්ථාවට ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ දරුවන් සහභාගී වූහ.