Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th May 2025 16:57:08 Hours

දියතලාව විරු කැකුළු පෙර පාසලේ දුවා දරුවන්ගේ ක්‍රිඩා උත්සවය

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති මේජර් ‍ජෙනරාල් නලින් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ මග පෙන්වීමට අනුව දියතලාව විරු කැකුළු පෙර පාසල භාර සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකා ගරු දමයන්ති බණ්ඩාරනායක මැතිණියගේ සහභාගිත්වයෙන් මෙන්ම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් දියතලාව විරු කැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන්ගේ ක්‍රිඩා කෞශල්‍යයන් ගොඩනැංවිම සඳහා ක්‍රිඩා උත්සවයක් 2025.05.08 වන දින අති උත්කර්ෂවත් අයුරින් පෙර පාසල් භූමියේදි පැවැත්වීමට කටයුතු කල අතර, එම අවස්ථාව අලංකාරවත් කිරීම සඳහා විචිත්‍රවත් සරඹ පෙළපාළියක් ද පවත්වන ලදි.

මෙම උත්කර්ෂවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය මෙන්ම යුද්ධ හමුදා සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකා ගරු දමයන්ති බණ්ඩාරනායක මැතිණිය සහභාගි වූ අතර, එහිදී පෙර පාසල් දුවා දරුවන් 75 ‍දෙනෙකු හට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ත්‍යාග සහ සහතිකපත් පිරිනමන ලදි. උත්සවය සාර්ථක ලෙස සමාප්ත කල බවට සමරුපොතේ වීශේෂ සටහනක් තැබීමටද අරාධිත අමුත්තා විසින් කටයුතු කරන ලදී.

තවද, එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්, ආඥාපති භකාස අණසක (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් (පාලන/භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරීනියන්, සෙසුනිළයින්, ගුරුභවතුන් සහ විරු කැකුළු පෙර පාසලේ දුවා දරුවනගේ දෙමාපියන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වන ලදී.