28th November 2025 00:00:00 Hours
දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) ට අයත් 12 වන පාබල සේනාංකය යටතේ ඇති භට පිරිස් මොනරාගල දිස්ත්‍රික්කයේ කඩිනම් ආපදා සහන මෙහෙයුම් කිහිපයක් සිදු කළහ.
මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැන්දවින්න ප්‍රදේශයේ 18 ගැහේබ ඒකකයට අයත් 01x15 ක භඨ පිරිසක් විසින් ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 13 ක පුද්ගලයින් 50 දෙනෙකු මුදවා ගත් අතර, එම සියලුම පුද්ගලයින් මැදගම පිටදෙනියාය ප්‍රාථමික පාසලේ තාවකාලික ආරක්ෂිත මධ්‍යස්ථානය වෙත යෙමු කරන ලදි.
අධික වර්ෂාව හේතුවෙන් කුඹුක්කන, කුඹුක්කන් ඔය අමුණෙහි කැලි කසල හිරවී ඇති අතර, එම අමුණෙහි රැදී තිබූ කැලි කසල 121 වන පාබල බලසේනා මූලස්ථානයේ 01x10 භඨ පිරිස් සහභාගී කරවා එම අමුණෙහි එකතු වූ සුන්බුන් ඉවත් කර ජල ප්‍රවාහය යථා තත්ත්වයට පත් කළහ. එම මූලස්ථානයේ තවත් 01x10 භඨ පිරිස් විසින් අමුණේ බැම්මේ ඛාදනයට ලක් වූ කොටසක් වැලි කොට්ට යොදා අලුත්වැඩියා කර තවදුරටත් හානි වැළැක්වීමට කටයුතු කළහ.