Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th November 2025 00:00:00 Hours

රටතුල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක බෙහෝමයක් තුල පවතින අයහපත් කාළගුනය නිසා ඇතිවි ඇති ආපදා තත්වය සමතයකට පත් කිරිම සදහා යුද්ධ හමුදා සහය ලබා දිමට කටයුතු කරන ලදි

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ට අයත් 12 වන පාබල සේනාංකය යටතේ ඇති භට පිරිස් මොනරාගල දිස්ත්‍රික්කයේ කඩිනම් ආපදා සහන මෙහෙයුම් කිහිපයක් සිදු කළහ.

12 වන පාලබ සේනාංක මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලබන 122 පාබසේමූ බල ප්‍රදේශයේ තිස්සමහාරාමය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්මිල්ලෑව ග්‍රාම නිලධාරී වසමට අයත් GR 572148 දරන ‘අට්ටික්ක අමුණ’ බෝක්කුව අසල මාර්ගය ඛාදනය වීම වැලැක්වීම සඳහා 12 ගරෙ ඒකකය විසින් 02 x 20 ක භඨ පිරිසක් රපෝර්තු කරවා එම ඛාදනය වැලැක් වීමට වැලි කොට්ට යොදා පිලිසකර කරන ලදි.

තවද තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයට තේක්ක ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වීම හේතුවෙන් ගස කපා ඉවත් කිරීම සඳහා 3 ශ්‍රීලංජාආබමූ ඒකකය වෙතින් 01 x 15 ක භඨ පිරිසක් යොදවා මාර්ගය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලදී.

එදිනම සෙල්ල කතරගම සිට කතරගම ලක්‍ෂිමි දේවලය දක්වා මාර්ගය අවහිර වීම හේතුවෙන් බෝට්ටු භාවිතයෙන් අවතැන් වූ සිවිල් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාම සඳහා 3 ශ්‍රීලංජාආබමූ ඒකකය වෙතින් 01 x 12 ක භඨ පිරිසක් යොදවා ඔවුන් අදාල ස්ථාන කරා පිටත් කරන ලදි.