01st August 2023 12:30:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේමු බල ප්‍රදේශයට අයත් වටවල ප්‍රදේශයේදී 2023.08.01 වන දින උදෑසන 0530 පැයට පමණ කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් ගත් ලංගම බස් රථයක් අනතුරකට ලක් වු අතර ඒ පිළිබඳව සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 19 ශ්‍රිලංජාආබමු ඒකකයට අයත් නිලධාරීන් දෙදෙනෙකු හා සෙසු නිලයින් දහදෙනෙකු ගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා තුවාල ලබා සිටි දහ අට දෙනෙකු ප්‍රථිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදී.