Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2018 16:58:11 Hours

විරු කැකුළු පෙර පාසලෙහි නව බුදු මැදුර විවෘත කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුලු පෙර පාසලේ 2017/2018 යන වර්ෂ වලට අයත් දූ දරැවන්ගේ දෙමාපියන් විසින් ඔවුන්ගේ ධන පරිත්‍යාගයේ ඉදිරිනු ලැබූ නව බුද්ධ මන්දිරය වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කිරීම වස් අලංකාරවත් පෙරහැරක් ආසේමු (මධ්‍යම) ප්‍රධාන ගේට්ටුව අසලදී ආරමිභ වී විරුකැකුලු පෙර පාසලෙන් අවසන් කරන ලදී.

දියතලාව විරුකැකුලු පෙර පාසල භාර ඡ්‍යෙෂ්ඨ සාමාඡික වන තනූඡා ඩයස් මැතිණිය විසින් නව බුද්ධ මන්දිරය වෙත නිධන් තැන්පත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂය විවර කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය සහ සේවා වනිතා ඡ්‍යෙෂ්ඨ සාමාඡිකාවන් රැසක් සහභාගී වන ලදී. තවද, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමා ඇතුලු ඡ්‍යෙෂ්ඨ නිලධාරී/නිලධාරිනියන්ද මේ සදහා සහභාගී වන ලදී. ඉන් පසු නව බුදු මැදුරෙහි සමරුඵලකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය විසින් විවෘත කරන ලදී.