Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th November 2025 00:23:12 Hours

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදා සහන මෙහෙයුම් රැසක් යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදු කරයි

අයහපත් කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතීම හේතුවෙන් ආරක්‍ෂක සේනා (මධ්‍යම) ට අයත් 12 වන පාබල සේනාංකය යටතේ ඇති භට පිරිස් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩිනම් ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

තංගල්ල - වීරකැටිය මාර්ගයේ ගොඩවනගොඩ සපත්තු පාලම අසල ගංවතුර හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති විම හේතුවෙන් රථ වාහන හිමියන්ට සහාය වීම සහ ආරක්ෂිතව ගමන් කිරීම සඳහා 3 ශ්‍රීලංජාආබමූ 01x12 ක භඨ පිරිසක් සහභාගී කරවන ලදි.

සෙල්ල කතරගම ලක්‍ෂමි දේවාලය වෙත යන මාර්ගය ජලයෙන් යටවීම නිසා සිවිල් ගමනාගමනය සීමා විය. ගංවතුරෙන් යට වූ ප්‍රදේශය හරහා සිවිල් වැසියන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා නාවික හමුදා මෝටර් බෝට්ටු යොදාගත් අතර, යුද්ධ හමුදා භඨ පිරිස් 02x12 ක් සහ නාවික හමුදා භඨ පිරිස් 00x05 ක් සහාය දක්වන ලදි.

විතාරන්දෙණිය - පට්ටිපොල සහ විතාරන්දෙණිය - කසාගල මාර්ගයේ ඇති විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් එම කඩාවැටී ඇති ගස් ඉවත් කිරීම සඳහා 3 ශ්‍රීලංජාආබමූ 00x25 ක භඨ පිරිසක් සහභාගී කරවා සුන්බුන් ඉවත් කර එම මාර්ග තත්ත්වයට පත් කරන ලදී. පීඩාවට පත් සිවිල් ජනතාව වෙත අත්‍යවශ්‍ය හදිසි සහන ලබා දීමේ කටයුතු හමුදා භඨ පිරිස් විසින් අඛණ්ඩව සිදු කරනු ලබයි.