24th June 2025 16:06:56 Hours
11 වන පාබල සේනාංකයේ නව සේනාකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ටීසීඑම්ජිඑස්ටී කුරේ RWP RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 24 වන දින පාබල සේනාංක මුලස්ථානයේදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා චාරිත්‍රානුකූලව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
නව සේනාංකාධිපති සේනාංක මුලස්ථානය වෙත පැමිණිමෙන් පසු 2 (සෙව්) ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහාභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සේනාංකාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කලේය.
සේනාංකාධිපති සිය රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛණයට අත්සන් තැබිමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් 11 පාබල සේමු/පාබල බසේමු සහ ඒ යටතේ පාලනය වන ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිලයින් හට භටපිරිස් ඇමතිමක් සිදුකිරිමෙන් අනතුරුව සමුහ ඡායාරූපයක් සඳහා පෙනිසිට සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගීවිය. මෙම අවස්ථාව සඳහා සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන්ද සහභාගී වූහ.