21st June 2025 15:59:12 Hours
11 වන පාබල සේනාංකයේ සේනාකාධිපති ලෙස රාජකාරින් ඉටුකරන ලද මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.06.21 වන දින සේනාකාධිපති රාජකාරින් අවසන් කර නික්මව යන ලදි.
සේනාකාධිපති තුමන් හට 2 (සෙව්) ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහාභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් නව සේනාංකාධිපති තුමන් හට හමුදා චාරිත්‍රානුකූලව රාජකාරි භරදිම්/භාරගැනිම් සිදුකර,සේනාංකයේ රාජකාරි නියතු සියළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්,නිළධාරින් සමග සමුහික ඡායාරුපයට පෙනිසිටියහ.ඉන් පසු සේනාංකාධිපති තුමන්ගේ සුරැතින් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව දෙපස නවතමයෙන් ස්ථානගත කෙරෙනු මිමි 120 මෝටාර් අවිය විවෘත කිරිමෙන් පසුව, සේනාකාධිපති තුමන් විසින් 11 පාබල සේමු සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිළධාරින් හා සෙසුනිළයින් අමන්ත්‍රණය කළේය.