04th July 2025 09:43:55 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටීසීඑම්ජිඑස්ටී කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.07.04 වන දින, 11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 10 වන ගජබා රෙජිමේන්තු ඒකකය වෙත සහ 2 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු ඒකකයන් ස්ථානගත - මහනුවර නිරික්‍ෂණ සංචාරයක නිරත විය.
එහිදි ඒකකයන් හි අණදෙන නිලධාරින් විසින් සේනාංකාධිපති උණුසුම් අයුරින් පිළිගත් අතර, ඒකකයන් විසින් ඉටුකරන රාජකාරිය පිළිබඳ සේනාංකාධිපති හට විස්තර කිරිමෙන් අනතුරුව සේනාංකාධිපති විසින් එම ඒකකයන්හි රාජකාරි ඉටුකරනු ලබන නිලධාරින්/ සෙසුනිලයින් ඇමතිමටද කටයුතු කළේය. පසුව සේනාංකාධිපති භටපිරිස් රාජකාරි කරනු ලබන ස්ථාන නිරික්‍ෂණය කරන ලදි.