Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd June 2025 10:13:24 Hours

12 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් 122 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී සිදුකල මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී එම රාජකාරී නිමාවෙන් පසු නික්මයෑම සනිටුහන් කරමින් 2025.06.02 වන දින 122 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කරන ලදී. එම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 12 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්මාන මුරයක් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ප්‍රදානය කල අතර, සංචාරය සංකේතවත් කරමින් සදුන් පැලයක් කදවුරු භූමියේ රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව සේනාංකාධිපති තුමා 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලබන භටපිරිස් ආමන්ත්‍රණය කල අතර, අවසානයේ 122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බීඩීටීඩී ජයරත්න psc ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, වැඩබලන අණදෙන නිලධාරී 12 ගජබා රෙජිමේන්තුව සහ අණදෙන නිලධාරි 3 වන ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙතින් සේනාංකාධිපති තුමා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලදී. අවසානයේ සියළු නිල තේ පැන් සංග්‍රහයකින් සංචාරය නිමාවට පත් විය.