Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2025 16:00:41 Hours

12 වන පාබල සේනාංකයට අයත් භටපිරිස් ලේ දන්දීමේ වැඩසටහනක

කොළඹ රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා ආසේමූ (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක USP ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ මඟ පෙන්වීම යටතේ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ අධික්‍ෂණය යටතේ 12 පාසේමූ, 122 පාබසේමූ, 581 පාබසේමූ, 20 ශ්‍රීලංසිරෙ, 12 ගරෙ, 5 වීපාරෙ, 6 සබුබ සහ 10 ඉසේරෙ යන ස්ථානයන්ට අයත් භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව විසින් 2025 ජුලි 05 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහල් පරිශ්‍රයේදී රුධිරය පරිත්‍යාග කරන ලදී.

මෙම සමාජ සත්කාර වැඩසටහන සඳහා 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිලධාරින් සහ සෙසුනිලයින් (3×104) ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගී විය. මෙම වැඩසටහන සාර්ථකව සිදු කර ගැනීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලේ දායකත්වය ලබා දෙන ලදි.