Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st April 2023 09:00:00 Hours

12 වන පාබල සේනාංකයේ 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා RWP RSP USP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2023.04.01 දිනට යෙදි තිබුන 12 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.

එහිදී, 2023.03.27 වන දින කටුවැව හංදියේ සිට 12 පාබල සේමු වෙත ඇති පාර දෙපස සුද්ධ පවිත්‍ර කිරිමත්,28,29 හා 30 යන දිනයන් හි 12 පාබල සේමූ හා ඒ යටතේ ඇති බසේමූ/ඒකකයන්ගේ නිලධාරින්/සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් ද, 31 වන දින මහා පිරිත් දේශනයක්ද පවත්වන ලදි.

තවද, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමා පිළිගැනීමෙන් පසු සේනාංකාධිපති තුමන් නවතමයෙන් ඉදිකරනු ලැබු කායවර්දන ගොඩනැගිල්ල විවෘත කිරිම හා කඳවුරු භූමිය තුල පැලයක් රෝපණය කර භඨ පිරිස් අමතා සියළුම නිල දිවා භෝජන සංග්‍රාහයකටද එක්වන ලදී. 2023.04.08 වන දින සන්ද්‍යා කාලයෙදී සේනාංක මූලස්ථානය තුල සුහදත්වය වර්ධනය කිරිම සදහා සංගීත ප්‍රසංගයක් පවත්වන ලද අතර ඒ සදහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් WRMM රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද සහභාගි වන ලදී.