Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th June 2025 16:10:00 Hours

12 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි

ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි 12 වන දින 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් 12 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

නව සේනාංකාධිපති සේනාංක මුලස්ථානය වෙත පැමිනීමෙන් පසු ගජබා රෙජිමේන්තුවේ 12 වන බලඇණියේ භටපිරිස් විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. පසුව, සේනාංකාධිපති තුමන් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරි භාර ගැනීම සිදු කරන ලදි. එහිදි සේනාංකාධිපති සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, මෙම අවස්ථාව සංකේතවත් කරමින් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

සේනාංකාධිපති භට පිරිස් අමතමින්, සේනාංකයේ අනාගතය සඳහා ඔහුගේ දැක්ම, නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් වැළකී සිටීමේ වැදගත්කම, සමාජ මාධ්‍ය විනයක් සහිතව භාවිත කිරීම සහ නිලධාරීන්/සෙසුනිලයන් අතර ඉහළ විනයක් පවත්වා ගැනීම පිළිබඳව අවධාරණය කළේය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුර, සේනාංකාධිපති නිලධාරීන්/සෙසුනිලයන් සමඟ අදහස් හුවමාරු කර ගත් අතර, මෙම අවස්ථාව සඳහා සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන්ද සහභාගී වූහ.