04th June 2025 09:00:04 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එස්එන් හේමරත්න RWP RSP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 ජුනි 04 වන දින 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයෙන් නික්ම යන ලදී
එහිදි සේනාංකාධිපති හට 18 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සේනාංකාධිපතිතුමා සහ සේනාංකයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, පසුව කඳවුරු භූමිය තුල පැළයක් රෝපණය කළේය. නික්ම යන සේනාංකාධිපතිතුමා විසින් 12 වන පාබල සේනාංක මූලස්ථානයේ අලුතින් ඉදිකරන ලද බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ භෝජනාගාරය විවෘත කිරිමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමා විසින් සියළු නිලයන් ආමන්ත්‍රණය කිරිමෙන් පසු පැමින සිටි සියළු නිලධාරින් හා සෙසුනිළයින් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදි
තවද 2025 ජුනි 05 වන දින 12 වන පාබල සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසු නිලයින් එක්ව 2025 ජුනි 05 වන දින මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට පෙළ සැදී නික්ම යන සේනාංකාධිපති හට ඔවුන්ගේ හෘදයාංගම කෘතඥතාව සහ සුභ පැතුම් එක් කරන ලදි.