14th June 2025 13:23:30 Hours
12 වන සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් රාජකාරී භාරගනුලැබු මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රථම කඳවුරු සංචාරය සනිටුහන් කරමින් 2025.06.13 වන දින 122 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
එහිදි 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 3 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙතින් සම්මාන මුරයක් පිරිනමා නව සේනාංකාධිපති තුමන් පිලිගන්නා ලදි. ඉන් පසූ සේනාංකාධිපති තුමන් විසින් 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලබන සියළු නිළයින් ආමන්ත්‍රණය කර තේ පැන් සංග්‍රහයකටද සහභාගීවිය. අනතුරුව, සේනාංකාධිපති තුමන් 122 පාබල බලසේනා මූලස්ථානයේ සහ වීරවිල වත්ත කඳවුරු භූමියේ කඳවුරු සංචාරයකද නිරතවිය.
බලසේනාධිපති කර්නල් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, අණදෙන නිලධාරී 12 ගජබා රෙජිමේන්තුව සහ අණදෙන නිලධාරී - 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙතින් සේනාංකාධිපති තුමන් හට බළසේනාවේ සහ ඒකකයන්හි රාජකාරී ස්වභාවය පිළිබඳව කෙටි හැදින්වීමක් සිදුකිරීමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් සමරුපොතේ හි සටහනක් තැබීමෙන් පසු සංචාර නිමාවට පත් කරන ලදි.