Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th June 2025 13:17:53 Hours

122 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව මඤ්ඤොක්කා දන්සැලක් පවත්වයි

122 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බිඩිටිඩි ජයරන්න පීඑස්සි ගේ මඟපෙන්වීම මත පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව 2025 ජුනි මස 09 දින එම බලසේනාව වෙතින් වීරවිල ඔරිජිනල් ඇපරල් ඇඟළුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදි. මේ අවස්ථාව සදහා ඔරිජිනල් ඇපරල් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානි අර්ජුන ගුණවර්ධන මහතාද එක්විය.

මෙම දන්සැල සාර්ථකව පැවැත්වීම සඳහා මෙම බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔරිජිනල් ඇපරල් ආයතනයේ කාර්ය මණ්ඩලයේ දායකත්වය හිමි වූ අතර, දන්සැල සඳහා සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් සහභාගී වූහ.