Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2025 16:14:39 Hours

3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පාසල් උපකරණ බෙදා දිමේ උත්සවයක් පැවැත්විම

දශක තුනකට අධික කාලයක් රට තුල පැවති කුරිරු යුද්ධය නිමාකර ශ්‍රි ලංකා ද්විපයට සාමය උදාකිරිම වෙනුවෙන් ජිවිත කැපකල රණවිරුවන් සිහිකිරිම සෑම වර්ෂයකම මැයි මාසය තුල සිදුකරනු ලබන අතර, මෙම වර්ෂයේදි එම වැඩසටහනට සමගාමිව විවිධ සුභසාධක වැඩසටහන් මෙන්ම සමාජ සත්කාර ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබයි.

මව්බිම වෙනුවෙන් දිවිපිදු රණව්රුවන් අනුස්මරණය කිරිම සදහා 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළ ප්‍රදේශයේ ඇති දුෂ්කර පාසලක් වන කෙලිවත්ත දෙමල විද්‍යාලයේ සිසු දරුවන් 70 දෙනෙකු හට පොත්පත් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 ජුනි මස 16 වන දින 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් හා එම ඒකකයේ සියලු නිළයින්ගේ මුල්‍යමය දායකත්වයෙන් පවත්වන ලදි.