Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th May 2022 10:15:59 Hours

අඩු ආදායම්ලාභි පවුල් සදහා නිවාස ඉදිකරදිම

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එම්ෆිල් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ සම්බන්ධීකරණයෙන් හා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ ඒස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඝෘජු අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බල ප්‍රදේශයේ තෙල්දෙණිය අලුත්වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ අර්ධ වශයෙන් නිම කරන ලද නිවාස 19 ක් තෝරා එම නිවාසයන්හී තවදුරටත් සිදුකළ යුතු ඉතිරි වැඩ නිම කිරීම වෙනුවෙන් පෞද්ගලික ව්‍යාපාරික සී මෝහන ශංකර් මහතාගේ රු: 11,928,634.11ක මූල්‍යමය පරිත්‍යාගයෙන් සහ යුධ හමුදා වෘත්තිය ශ්‍රම දායකත්වයෙන් සියළු වැඩ නිම කර එම නිවාසලාභීන්ගේ නව නිවසක සිහිනය 2022.05.24 දින සැබෑ කර දීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සදහා 111 බලසේනාධිපති ඇතුළු යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසුනිලයින් මෙන්ම අනුග්‍රාහක සී මෝහන ශංකර් මහතා සහ එම මැතිණිය මෙන්ම ආරක්‍ෂක ‍සේනා මූලස්ථානය (මධ්‍යම) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු ප්‍රදේශවාසින් සහභාගි වන ලදී.