02nd July 2025 22:33:38 Hours
නීතිසේවා මානව හිම්කම් සහ මානුෂවාදී නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම් වලදී යුද්ධ හමුදාවේ කාර්යයභාරය පිළිබඳ දෙදින වැඩමුළුක් 2025.07.01 සහ 02 දිනයන්හිදී ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හිදී පැවැත්විණ.
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම මත ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත Brigadier Lioyd Gillett (Retired) හා ආරක්ෂක වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන යන මහත්වරු මෙම වැඩමුළු මෙහෙයවනු ලැබු අතර, මෙම වැඩමුළුවේදී නීතිය බලාත්මක කිරිමේ මෙහෙයුම් වලදී යුද්ධ හමුදාවේ කාර්යයභාරය, බලය භාවිතා කිරීම පිළිබඳව න්‍යායත්මක හා සිද්ධි අධ්‍යයනයන් මඟින් ආසේමු (මධ්‍යම) යටතේ රාජකාරී කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා නිලධාරීන් දැනුවත් කරන ලදි.මෙම වැඩමුළුව සඳහා ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයේ බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරිවරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 30 ක් සහභාගී වුහ.