Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th November 2025 00:00:00 Hours

අසේමු මධ්‍යම බලප්‍රද්ශයේ ආපදා කටයුතු සදහා යුද්ධ හමුදා දායකත්වය ලබාදීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් 111 පාබසේමු, 112 පාබසේමු, 641 පාබසේමු, 642 පාබසේමු, බළසේනා මූලස්ථාන යටතේ ඇති ඒකකයන් විසින් 2025 නොවැම්බර් මස 26 වන දින සිට 2025 නොවැම්බර් මස 27 වන දින දක්වා 19 x 243 කින් යුත්ක යුද්ධ හමුදා භඨපිරිස් ප්‍රමාණයක් දිස්ත්‍රික් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ ඉල්ලිම පරිදි පහත සදහන් ප්‍රදේශයන් හි ඇතිවු ආපදා තත්වයන් හේතුවෙන් අවතැන් වු පුද්ගලයන් මුදවා ගැනිම හා නාය යෑමි හේතුවෙන් අවහිර වු මර්ග යථාතත්වයට පත්කිරිම් හා අතුරුදහන් වු පුද්ගලයින් මුදා ගැනිමේ කටයුතු සදහා යුද්ධ හමුදා භඨපිරිස් සහභාගි වි ඇත.

මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්කයන්හි අබේවෙල, රූපහා, උඩු දුම්බර, කැන්දගොල්ල, පස්සර, කන්දකැටිය, පාතහේවා හැට, සොරනාතොට, නුවරඑළිය, මාතලේ, තෙල්දෙණිය ප්‍රදේශයන්හි ඇති වී තිබෙන ආපදා තත්වයන් හේතුවෙන් එම ප්‍රදේශ වල ජිවත්වන ජනතාවගේ ජන ජිවිතය යථාතත්වයට පත්කිරිම සදහා අවශ්‍ය පහසුකම් සැපයිම දිස්ත්‍රික් ආපදා කලමණාකරන කර්යාලය සමග සම්බන්දව වී ඒම කටයුතු වල නිරත විය