Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd June 2025 09:10:40 Hours

ආඥාපති භකාස අණසක (මධ්‍යම) තනතුරේ වැඩ භාරගැනීම

භකාස අණසක (මධ්‍යම) නව ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ආර්ඩි සලේ එන්ඩීසී (නි/62229) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025.06.02 වන දින යුද්ධ හමුදා සාම්ප්‍රදානුකූලව සිය ධූරයේ රාජකාරී අරම්භ කරන ලදී. එහිදී නව ආඥාපති තුමන් හට 7ශ්‍රීලයුපොහේබ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛණයන්ට අත්සන් තබන ලදී. අනතුරුව කඳවුරු භූමියේ පැළයක් රෝපණය කිරීමට කටයුතු කල එතුමන් සමූහ ඡායාරූපයට පෙනි සිටීමෙන් පසු සියළු ‍නිලයින් ආමන්ත්‍රණය කරන ලදි.

මෙම අවස්ථාව වෙනුවෙන් භකාස අණසක (මධ්‍යම) මානි 1 (ක්‍රියා/භාකාස), ඒ යටතේ පාලනය වන ඒකකයන් හී අණදෙන නිලධාරීවරුන් හා යුද්ධ හමුදා මුලික රෝහල (දියතලාව) හී අණදෙන නිලධාරිණිය ඇතුළු සෙසුනිලයින් පිරිසක්ද මේ සදහා සහභාගි වන ලදී.