Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th December 2023 20:40:56 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.12.19 වන දින උදෑසන හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරීයෙකු හා විසිදෙනෙකුගෙන් යුත් භට පිරිස සමග දුම්රිය දේපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකුගේ සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි.