Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th December 2023 20:43:23 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ මිරහා වත්ත,6 කණුව ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට 2023.12.19 වන දින උදැසන කොස් ගසක් කඩා‍වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට අවහිරතා සිදුවි ඇති අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් ක්‍ෂණීක විහිදුම් යතුරුපැදි ඛණ්ඩයෙහි අටදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යොමුකර මාර්ග සංවර්ධන අධිකාරියේ හා ආපදා කලමණාකරන මධ්‍යස්ථාන නිලධාරීන්, අනෙකුත් සංවිධාන සහයෝගයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා මාර්ගය යථාතත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරන ලදි.