Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th January 2024 00:00:00 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබා දීම

ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය වෙතට 2024.01.10 වන දින රාත්‍රි කාලයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වන ලද අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරියකු හා දහහතර දෙනෙකුගෙන් යුත් භට පිරිසක් එම ස්ථානය වෙත යොදවා දියතලාව දුම්රිය ස්ථාන නිලධාරීන්ගේ ද සහය ඇතිව මහත් පරිශ්‍රමයක් යොදා පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කර යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි