Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th November 2025 00:00:00 Hours

ආපදා කටයුතු වෙනුවෙන් යුධ හමුදා දායකත්වය ලබාදීම

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයට අයත් හපුතලේ දුම්රිය ස්ථානයට ආසන්නව ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථානය අතර, දුම්රිය මාර්ගයට 2025.11.19 වන දින අළුයම පස් කන්දක් කඩාවැටිම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වන ලදි. එම අවස්ථාවේ පැමීණි බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියක්ද එම ස්ථානයෙන් ධාවනය කිරීමට නොහැකිව අවහිර වි තිබූ අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත එම ස්ථානය වෙත 23 වන විජය බාහු පාබල බළඇණිය වෙතින් 01x15 කින් යුත් භඨ පිරිස් ප්‍රමාණයක් සහ ශ්‍රිලංකා ගුවන් හමුදාවේ හා දුම්රිය දෙපාර්මේන්තුවේ සේවකයින් පිරිසක්ද එක්ව පස්කන්ද ඉවත් කර දුම්රිය ධාවනය කිරීමට සුදුසු තත්වයට පත්කරන ලදි.