Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th November 2025 13:50:08 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති (මධ්‍යම) සහන සැලසිම සදහා ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය

112 පාබල බසේමු බළ ප්‍රදේශයේ බදුල්ල ආපදා තත්වය පරික්‍ෂා කිරිම හා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලිම සදහා ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025.11.28 වන දින ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.

තවද, දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය බදුල්ල ආපදා කළමණාකරන සාකච්චාව සදහා ඌව පලාත් ආණ්ඩුකාර තුමන් හා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය තුමන් ඇතුළු පරිපාලන නිලධාරි වරුන් එම සාකච්චාව සදහා ආරක්‍ෂක සේනා ආඥාපති තුමාද සහභාගි වු අතර, ඉන් අනතුරුව මුදා ගන්නා ලද හා අවතැන් වු පුද්ගලයින් තාවකාලිකව රදවා සිටින නෙළුම්ගම විද්‍යාලයේ හා මුතියංගන විහාරස්ථානයේ පිහිටා ඇති ආපදා සහන සැලසීමේ මධ්‍යස්ථානයන් නිරික්‍ෂනය සිදුකරන ලදි. මෙහිදි එම ස්ථානයන් හි රැදිසිටි සියළුම අයවලුන් හට යුධ හමුදාව වෙතින් කෙටි ආහාර වේලක් (පීසා) බෙදාදීම සිදුකරන ලදි.