Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th July 2023 09:30:00 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරත වන ලදි

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.15 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරතවිය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය වෙත සපැමිණි නව ආඥාපති තුමන්, එහි සේනාවිධායක තුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආඥාපති තුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. රට වෙනුවෙන් දිවිපිඳු රණශූරයන් වෙනුවෙන් සාමයේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වු ආඥාපති තුමන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලබන කැඩෙට් නිලධාරීන් සමඟ පිළිසඳරක නිරත වන ලදි