Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st August 2022 09:49:25 Hours

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.07.01 සහ 02 දෙදින තුල 122 පාබල බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ ඇති 23 වන ගජබා රේජිමේන්තුව, 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 18 ගැමුණු හේවා රෙජිමේන්තුව යන ස්ථානයන්හී නිරීක්‍ෂණ සංචාරයේ නිරත වන ලදි.

මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑච්එල්ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 122 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති පීකේඩබ්ලිව්ඩබ්ලිව්එන්ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්/සෙසු නිලයින් පිරිසක් සහභාගිවන ලදි.