Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th February 2024 08:00:00 Hours

ආරක්‍ෂක සේනා (මධ්‍යම) නව ආඥාපති තුමන් සිය තනතුරේ රාජකාරි ආරම්භ කිරිමෙන් පසු 12 වන පාබල සේනාංක බලප්‍රදේශය වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, විජයබා පාබල රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.02.06,07,08 යන ‍තෙදින තුල 12 වන පාබල සේනාංක බලප්‍රදේශයේ නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

ආඥාපති තුමන් 2024.02.06 වන දින සන්ධ්‍යා කාලයේදී ‍ඓතිහාසික කතරගම දේවාලය හා කිරිවෙහර වැඳපුඳාගෙන ආශිර්වාද ලබාන්නා ලදි. 2024.02.07 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ඇති 12 වන පාබල සේනාංක මූලස්ථානය වෙත පැමිණී ආඥාපති තුමන් 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සමුහ ඡායාරූපයකට පෙනී සිට සියළු නිලයින් අමතන ලද අතර සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදි. ඉන් පසුව 12 වන ශ්‍රිලංකා ගජබා රෙජිමේන්තු ඒකකය නිරීක්‍ෂණය කරන ලද අතර 2024.02.08 දින ආඥාපති තුමන් හම්බන්තොට වරාය, 18 ගැමුණූ හේවා බලඇණිය හා 121 පාබල බලසේනා මුලස්ථානය යන ස්ථානයන්හී නිරීක්‍ෂණ සංචාරයේ නිරත වූහ.

මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන්, 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති, 122 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති මෙන්ම, ආරක්‍ෂක සේනා (මධ්‍යම) රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු ඇතුළු අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි.