Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th July 2023 09:30:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.07.05 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.

4 වන ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්ව‍යෙන් සම්මාන පෙළපාලියක් සහ කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් ආඥාපති තුමන් හට ගෞරවාචාර්ය පුද කරන ලදි. ඉන් පසුව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු‍ පෙදෙස - මධ්‍යම හි ආඥාපති තුමන්, 12 පාබල සේමු සේනාංකාධීපති තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 11 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධීපති තුමන්, බලසේනාධීපතිවරුන්, රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන් හා නිලධාරින්, නිලධාරීනියන්, 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, පාබල බසේමු/ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.