Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th January 2024 21:08:11 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රෝහිත අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.01.10 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාරගන්නා ලදි.

තවද, 7 ශ්‍රීලංකා සංඥා බලකායේ භටපිරිස් සහභාගිත්වයෙන් 2024.01.10 වන දින කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාළියක් ආඥාපති තුමන් හට පිරිනමමින් ගෞරවාචාර්ය පුද කරන ලදි. ඉන් පසුව තනතුරෙහි වැඩ භාර ගන්නා ලද අතර, කඳවුරු භුමියේ නා පැලයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනි සිටිමෙන් පසු භට පිරිස් ඇමතිමක් සිදුකර, සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදී.

මෙම අවස්ථාව සඳහා 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, පාබල බසේමු/ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඉදිරි නඩත්තු පෙදෙස (මධ්‍යම) ඒකක අණදෙන නිලධාරී වරුන්, නිලධාරීණියන් සහ සෙසු නිලයින් සහභාගි වන ලදී.