Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th June 2022 08:49:25 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කඳවුරු භුමියෙහි බෝංචි වගා බිමේ අස්වනු නෙලීම

රටෙහි පවතින ආහාර අර්බුදය අවම කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් ආරම්භකර ඇති වගා සංග්‍රාම වැඩපිළිවෙලට සමඟාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) භට පිරිස් විසින් සකස් කරන ලද වගා භූමියේ බෝංචි වගා කරන ලද කොටසේ අස්වනු නෙලීමේ කටයුතු 2022.06.27 වන දින ආරම්භ කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය හා මගපෙන්වීම යටතේ බෝංචි වගා බිමෙහි අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කරන ලද අතර එම අවස්ථාව සඳහා වගා බිම සකස් කල සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.