Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th May 2022 10:15:59 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් අත්‍යවශය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 100 ක ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහන

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි ආර්ථික අපහසුතාවලින් යුත් අඩු ආදයම්ලාභී පවුල් හී ජන ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් සැලසීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේඑස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණයෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයට ආසන්න පූනාගල ක්‍රේග් වත්ත ගම්මානයේ වෙසෙන සියළු ජාතීන් නියෝජන වන ආර්ථික වශයෙන් අපහසුතා ඇති අසරන පවුල් 100 ක් වෙත රු: 5,000.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශය වියලි සලාක ද්‍රව්‍යන්ගෙන් (කීරි සම්බා සහල්, බී ලූණු, පරිප්පු, සුදුලූණු, ලුණු,මිරිස් කුඩු, සැමන් ටින්, සීනී, සෝයා මීට්) සමන්විත වියලි සලාක මලු 100 ක් රු: ලක්‍ෂ 05 ක මුදලක් වැයදරා 2022.05.26 දින බණ්ඩාරවෙල ක්‍රේග් වතු සමාගමේ සිට බෙදාදීමට කටයුතු කරන ලදී. මේ සඳහා කැනඩාවේ පදිංචි ශ්‍රීලාංකික ව්‍යාපාරික ප්‍රජාවගේ අනුග්‍රාහකත්වය දක්වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක මූලස්ථානය (මධ්‍යම) ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා, පූනාගල ක්‍රේග් වතු අධිකාරි, ප්‍රදේශවාසින් සහ ආරක්‍ෂක ‍සේනා මූලස්ථානය (මධ්‍යම) ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.