Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th May 2022 10:15:59 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 1400 ක ප්‍රමාණයක් බෙදාදීමේ වැඩසටහන

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත 2022 වර්ෂයේ වෙසක් මංගල්‍ය වෙනුවෙන් අඩු ආදායම්ලාභී අසරණ ජනයාගේ ජීවිකාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1400 කට රුපියල් මිලියන 2.25 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වන (සහල්,පරිප්පු,පොල්,ලුණු,සෝයා මීට්) වියලි සලාක මළු 1400 ක ප්‍රමාණයක් පවුල් 1400 ක සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවේ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සහ Tan Ngak Bauy & Kee Meng lang Foundation Limited (Singapore) පූර්ණ අනුග්‍රාහකත්වයෙන් 2022.05.20 වන දින බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී සුබෝධාරාමයේදී ආරක්‍ෂක මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම්කේ සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක මූලස්ථානය (මධ්‍යම) ආඥාපති, මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා, ශ්‍රී සුබෝධාරාමයේ විහාරස්ථානයේ වීහාරාධීපති සහ ප්‍රදේශවාසින් ආරක්‍ෂක ‍සේනා මූලස්ථානය (මධ්‍යම) ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.