Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th June 2022 09:00:40 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩයන්ගෙන් සමන්විත වියලි සලාක මළු 200 ක ප්‍රමාණයක් බෙදාදෙන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අනුක් මහතාගේ පූර්ණ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි ආර්ථික අපහසුතාවලින් යුත් අඩු ආදයම්ලාභී දිළිඳු පවුල් හී ජන ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් සැලසීම වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සමන්විත වියලි සලාක මළු 200ක් ලබාදීමේ වැඩසටහනක් 2022.06.12 වන දින බඩල්කුඹුර සංස්කෘතික මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාවට අවැසි පහසුකම් 7 වන සංඥා බලකාය විසින් ලබාදුන් අතර, ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති, බඩල්කුඹුර ග්‍රාමනිලධාරී, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඝණකාධිකාරී, සහ ප්‍රදේශවාසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ප්‍රධාන සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, 7 වන සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරී ඇතළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.