Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th June 2022 09:00:40 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් කිරිපිටි පැකට් බෙදාදීමේ වැඩසටහනක් සිදු කරන ලදී

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සම්බන්ධිකරණයෙන් හා මගපෙන්වීම මත ඇන්කර් ෆොන්ටේරා සමාඟමේ කළමණාකාර අධ්‍යක්‍ෂක නිමල් ගමගේ මහතාගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශය තුල ජීවත්වන සියලු ජාතීන් නියෝජනය වන පරිදි ආර්ථික අපහසුතාවලින් යුත් අඩු ආදයම්ලාභී දිළිඳු පවුල් හී ජන ජීවිතයට කිසියම් අස්වැසිල්ලක් සැලසීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කිරිපිටි පැකට් ලබාදීමේ වැඩසටහනක් 2022.06.28 වන දින බඩල්කුඹුර නිශ්ශංඛ ජාතික පාසලේදී පවත්වන ලදී.

මෙම උත්සව අවස්ථාවට අවැසි පහසුකම් 7 වන සංඥා බලකාය විසින් ලබාදුන් අතර, ඒ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්, බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති, බඩල්කුඹුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වෛද්‍ය තුමන්, බඩල්කුඹුර නිශ්ශංඛ ජාතික පාසලේ විදුහල්පති තුමන්, සහ ප්‍රදේශවාසින්, 7 වන සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරී ඇතළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.