Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd February 2024 00:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් රාම්සාන් මාසය සදහා රටඉඳි බෙදාදිමේ වැඩසටහනක් සිදු කරන ලදි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මග පෙන්විම හා සම්බන්ධිකරණයෙන් 2024.02.22 වන දින එළබෙන රාම්සාන් උත්සවය සඳහා ඉස්ලාම් භක්තිකයින් වෙත රටඉඳි බෙදාදිමේ වැඩ සටහනක් සිදුකරණ ලදි.

තවද, 2024.03.11 වන දින සිට 2024.04.11 වන දින තෙක් කාලසිමාව දක්වා එළබෙන උපවාස මාසය සඳහා හපුතලේ ජුම්මා මස්ජිතයට සහ කහගොල්ල ජුම්මා මස්ජිතයේ සිටින ප්‍රධාන දායක සභාවට එම ප්‍රදේශයේ මුස්ලිම් භක්තිකයින් සඳහා බෙදා හැරිමට රට ඉදි 20Kg බැගින් 40Kg බෙදාදෙන ලද අතර, මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති ‌තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වන ලදි.