Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st January 2024 17:54:33 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) 2023 වර්ෂ අවසානයේ සියළු නිල සුහඳ හමුවක් පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මඟපෙන්වීම මත 2023 වර්ෂ අවසානයේ සියළු නිල සුහඳ හමුවක් 2023.12.31 වන දින සන්ධ්‍යා කාලයේදී පවත්වන ලදි.

2023 වර්ෂයෙදී මෙම මූලස්ථාන භඨ පිරිස් ගිනි නිවීම්, නායයෑම් වැනි ආපදා තත්වයන් හමුවේදී සිවිල් ජනයා හට ඔවුන්ගේ සහයෝගය හා සහන සේවා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා විශාල දාකත්වයක් ලබා දුන් අතර ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය හා ඔවුන්ගේ චිත්ත ධෛර්ය නැන්වීම අරමුණු කර නිමින් මෙම සුහඳ හමුව හා රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒඑම්ඒ අ‍බේසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, ඇතුළු ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් හා සියළු නිලයින් සහභාගි වන ලදී