Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th December 2025 08:26:56 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) අඥාපති ප්‍රගුණ හා සැගවුණ වෙඩික්කරු පාඨමාලාවේ විසිර යාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය

ප්‍රගුණ හා සැගවුනු වෙඩිකක්කරු පුහුණු පාසලේ පැවති දිර්ඝ කාලින ස්නයිපර් පාඨමාලා අංක 23, සදහා දේශීය හා විදේශිය යුද්ධ හමුදා නිලධාරි හා සෙසුනිලයින් 41 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අරම්භ වු පාඨමාලාවේ සිසුන් 2025.12.10 වන දින විසිර යන ලදි. නිලධාරින් දස දෙනෙක් සහ සෙසුනිලයින් 31 දෙනෙකු සාර්ථකව පාඨමාලව නිම කරන ලදි. ඒ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආඥාපති ආසේමු(මධ්‍යම) මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී සහභාගි වන ලද අතර, විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසුන් හට සහතිකපත් ප්‍රධානය කිරිම සහ ප්‍රගුණ වෙඩික්කරු ලාංඡනය එතුමන් විසින් පැලඳවීම සිදුකරන ලදි.