Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th June 2023 09:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් තනතුරෙන් නික්ම යාම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.06.29 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.

තවද, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහභාගිත්වයෙන් 2023.06.29 වන දින කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළ පාළියක් ආඥාපති තුමන් හට පිරිනමන ලදි. අනතුරුව ආඥාපති තුමන් විසින් භඨපිරිස් ඇමතිමක් සිදුකර සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදී.

මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු‍ පෙදෙස - මධ්‍යම හි ආඥාපති තුමන්, 11 පාබල සේමු, 12 පාබල සේමු සේනාංකාධීපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන් හා නිලධාරින්, නිලධාරීනියන්, 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, පාබල බසේමු/ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදී.