Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th January 2024 16:47:23 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් තනතුරෙන් නික්ම යාම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, ශ්‍රිලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.01.05 වන දින ආඥාපති තනතුරෙන් නික්ම යන ලදි.

තවද, 7 ශ්‍රීලංකා සංඥා බලකායේ භටපිරිස් සහභාගිත්වයෙන් 2024.01.05 වන දින කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ආඥාපති තුමන් හට පිරිනමන ලදි. ආඥාපති තුමන් විසින් සියළු නිල සමූහ ඡායාරූපයකට පෙනී සිට කඳවුරු භූමියේ පැළයක් රෝපණය කර ආඥාපති තුමන්ගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ මෙම මූල සියළු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් කෙටි කාලයක් තුල නවතමයෙන් ඉදි කරන ලද කාලීන අවශ්‍යතාවයක්ව පැවති දේශණ ශාලාව එතුමන්ගේ සුරතින් විවෘත කරන ලද අතර, භට පිරිස් ඇමතිමක් සිදුකර එහිදී ප්‍රභු ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සෙබල පිරිසක් හට සහතිකපත් ප්‍රධානය කරන ලදි. අනතුරුව ආඥාපති තුමන් විසින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදී.

මෙම අවස්ථාව සඳහා 12 පාබල සේනාංකයේ සේනාංකාධීපති, 11 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධීපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන් හා නිලධාරින්, නිලධාරීනියන්, 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, පාබල බසේමු/ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදී.