Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th October 2023 08:32:41 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් බණ්ඩාරවෙල සීවලී නවෝද්‍යා පාසලේ ආරක්‍ෂිත චේන්ලින්ක් වැටක් සකස් කරන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් බණ්ඩාරවෙල සීවලී නවෝද්‍යා පාසලේ ප්‍රාථමිකමික අංශය පිහිටි භූමියේ දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂිත චේන්ලින්ක් වැටක් සකස් කර දෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී මෙම මූලය යටතේ පාලනය වන ආරක්‍ෂක සේනා ඉන්ජිනේරු කාර්යාලය වෙත්න් වෘත්තීය සෙනීන් යෝදවා දින දහයක කාලයක් තුලදී චේන්ලින්ක් වැට විධීමත්ව සකස් කර දීමට කටයුතු සිදුකරන ලදි.