Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th August 2023 20:14:50 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති තුමන් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.03 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

11 වන පාබල සේනාංකය වෙත පැමිණි ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපතිතුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව ආඥාපති තුමන් හට 11 වන පාබල සේනාංකය පිළිබඳව විස්තර කර සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු කඳවුරු භුමියේ පැලයක් රෝපණ කර සමුහ ඡායාරූපයකට ද පෙනි සිට සියළු නිල තේ පැන් සංග්‍රහයකට සභාගි වී සංචාරය නිමාවට පත් කරන ලදී.