Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th June 2023 09:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති තුමන් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.06.13 දින 11 වන පාබල සේනාංක මුලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ එම් ඩබ්ලිව් බංඩාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපතිතුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව ආඥාපති තුමන් සමුහ ඡායාරූපයකට ද පෙනි සිට, 11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන පාබල බසේමු/ ඒකක‍යන්හි සියළු නිලධාරි/සෙසුනිලයින් අමතා සියළු නිල තේ පැන් සංග්‍රහයකට හභාගි වී සංචාරය නිමාවට පත් කරන ලදී.