Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th August 2023 09:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති තුමන් අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශිය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.08.07 දින අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශිය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශිය යුධෝපකරණ ගබඩා සංකීර්ණය වෙත පැමිණි ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපතිතුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. ආඥාපති තුමන් හට යුධෝපකරණ ගබඩා සංකීර්ණය පිලිබඳව විස්තර සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු ආඥාපති තුමා විසින් කඳවුරු සංචාරයක නිරතවන ලදී.පසුව නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව සංචාරය නිමාවට පත් කරන ලදී.