Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th October 2023 20:00:57 Hours

ආසේමු (මධ්‍යම) වෙතින් පවත්වන ලද රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ජෙජ්‍යෙකොනොනින් හට පවත්වන ලද නායකත්ව පුහුණූ පාඨමාලාවක් පවත්වන ලදී

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මෙම මූලයේ හා මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු, පාබල බසේමු රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ජ්‍යෙකොනොනින්ගේ නායකත්ව හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් ජ්‍යෙකොනොනි නායකත්ව වැඩමුළුවක් 2023.10.16 දින සිට 2023.10.20 දින දක්වා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නේවාසිකව සිදුකරන ලද අතර පාඨමාලාව අවසානයේ සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවය 2023.10.20 දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

ජ්‍යෙකොනින්ගේ නායකත්ව හැකියාව හා කුසලතා වැඩිදියුණු කිරිම යන කරුණූ මුල්කර ජ්‍යෙකොනින් හතලිස් හත්දෙනෙකු සඳහා පාඨමාලාව සිදු කරන ලද අතර ආඥාපති තුමන් විසින් පාඨමාලව නිම කරන ලද රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් හා ජ්‍යෙකොනින් සඳහා සහතික පත්‍ර ප්‍රධානය සිදු කිරීමෙන් පසු ආඥාපති තුමන් විසින් සියළු දෙනා අමතන ලද අතර පාඨමාලාව සිදු කරන ලද සැරයන් මේජර්වරුන් හා ජ්‍යෙකොනින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී වන ලදි.