Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st February 2024 21:35:20 Hours

කපිතන් සිට මේජර් දක්වා නිල උසස් කිරීමේ පුනරික්‍ෂණ පාඨමාලාවක් (නිත්‍ය/ස්වෙච්ඡා) ආරම්භ කිරීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති ‌ තුමාගේ උපදෙස් හා මගපෙන්විම යටතේ කපිතන් සිට මේජර් දක්වා නිල උසස් කිරීමේ පුණරික්‍ෂන පාඨමාලාවක් 2024.02.19 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් සියලුම කපිතන් නිලයේ සිට මේජර් නිලය දක්වා සිටින නිලධාරි/නිලධාරිනියන් හට පවත්වන ලදී.

මෙම පුණරික්‍ෂන පාඨමාලාව 2024.02.19. වන දින සිට 2024.03.01 වන දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේ දී පැවැත්වෙන අතර, මෙම පාඨමාලාව සඳහා නිලධාරි/නිලධාරිනියන් 41 දෙනෙකු සහභාගිවන ලදී.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති ‌තුමාන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී, නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි.