Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd April 2023 08:00:00 Hours

කොළඔ ඉසිපතන විද්‍යාලයේ ද පැවැත්වූ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් සහභාගී වන ලදී

කොළඔ ඉසිපතන විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයක් 2023.04.03 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලදි. එම උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදී.