Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2023 09:30:00 Hours

දියතලාව විරුකැකුළු පෙර පාසලේ දුවා දරුවන්ගේ ක්‍රිඩා කෞශල්‍යයන් ගොඩනැන්විම වේනුවෙන් ක්‍රිඩා උත්සවයක් පවත්වන ලදී

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ආඥාපති මේජර් ‍ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ මග පෙන්වීමට අනුව දියතලාව විරුකැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා ගරු උදේනි ජයරත්න මැතිණියගේ මාර්ගෝපදේශකත්වයෙන් මෙන්ම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන්, දියතලාව විරුකැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන්ගේ ක්‍රිඩා කෞශල්‍යයන් ගොඩනැන්විම සඳහා 2023.06.16 වන ක්‍රිඩා උත්සවයක් අති උත්කර්ෂවත් අයුරින් එම පෙර පාසලේදි පවත්වන ලදි.එම අවස්ථාව අලංකාරවත් කිරිම සඳහා එම පෙර පාසලේ දූවා දරුවන් විසින් සංගීත,නැටුම් හා විවිද අංගයන් වලින් උත්සවය විචිත්‍රවත්කරන ලදී.

මෙම උත්කර්ෂවත් අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණීය ජානකී ලියනගේ මැතිණිය සහභාගි වූ අතර,එහිදි පෙර පාසල් දුවා දරුවන් 125 ‍දෙනෙකු හට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ දායකත්වයෙන් ත්‍යාග සහ සහතිකපත් පිරිනමන ලදි.

තවද එම අවස්ථාව සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ‍ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්,ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, බ්‍රිගේඩියර් (පාලන/ භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඇතුළු නිලධාරින්,නිලධාරීනියන් පිරිසක් සහභාගි වන ලදී.